Pages - Menu

Tuesday, March 26, 2013

J2SE - 02.3 Control statements - if

අද මම කියන්න යන්නේ තවත් අලුත් දෙයක්.හැබැයි මේ ගැන වැඩි දුරට අපි පස්සේ ඉගෙන ගන්නවා.නමුත් ඉස්සරහට යන්න නම් මේ ගැන කියන්නම වෙනවා.ජාවා කෝඩ් බ්ලොක්ස් ඉගෙන ගන්න මේක ඕනේ වෙන හන්ද ඔන්න මම දැන් මේක පටන් ගන්නවා.

If statement
මේක හරියට අනික් ක්‍රමලේඛන භාෂාවල එන IF වගේම තමා.if එකෙන් කියන්නේ නම් වගේ අර්ථයක්.මෙහෙම නම් මෙහෙම වෙන්න වගේ.සාධාරණ ආකාරය තමා මේක.
if(condition) statement ;


condition කියන්නේ බූලියන්-boolean යෙදීමක්.පොඩි ගණිත කර්මයක් කිව්වත් වැරදි නෑ.මෙන්න මේ බූලියන් යෙදීම එහෙමත් නැත්නම් පුංචි ගණිත කර්මය නිවැරදි නම් අපි statement එක විදියට දීල තියෙන දේ ක්‍රියාත්මක වෙනවා.නැත්නම් බූලියන් යෙදීම වැරදිනම් statement එක විදියට දීල තියෙන දේ ක්‍රියාත්මක වෙන්නේ නෑ.බලමු පොඩි උදාහණයක්.
if(num < 100) System.out.println(“num is less than 100”);


මේකේ num කියන එක වේරියබල් එකක් කියලා දන්නවනේ.දන්නේ නැත්නම් කලින් ලිපි ටික කියවන්න තමා තියෙන්නේ.අපි මේ num කියන වේරියබල් එකට මුලින් අගයක් දීල තියෙනවා.ඒ දීල තියෙන අගය 100 ට වඩා අඩුනම් විතරක් num is less than 100 ප්‍රින්ට් කරන්න කියල තමා කියන්නේ.සිම්පල්.එහෙම නැත්නම් 100 ට වඩා වැඩිනම් හෝ සමානනම් හෝ මේක ප්‍රින්ට් වෙන්නේ නෑ.කෙටියෙන් කිව්වොත් වරහන් ඇතුලේ තියෙන දේ සත්‍ය උනොත් විතරයි අපි දීල තියෙන දේ ප්‍රින්ට් වෙන්නේ.මේ ලකුණු ගැනත් ටිකක් බලමු.ඔපරෙටර්ස් ගැන මම පස්සේ ලියනවා.දැනට ටිකක් බලන්නකෝ.

Operator                           Meaning
<                                     Less than
>                                     Greater than
==                                   Equal to
මේ ලකුණු අමුතුවෙන් හඳුන් වන්න ඕනේ නැනේ.බැයිනම් ආයේ ශිෂ්‍යත්වේ ලියන්න තමා වෙන්නේ.හැබැයි = කිරීමට අපි == තමා යොදන්නේ.ඒක දැනට මතක තියාගන්න.

මේවා සම්බන්ද වෙන කෝඩ් එකක් බලලා ඉමු.
මෙන්න මේකතමා මේකේ අවුට්පුට් එක වෙන්නේ.

මම මුලින් කියල දුන්න වගේ වේරියබල් දෙක ඩික්ලෙයාර් කරලා තියෙන්නේ කොමා යොදලා.ඒක අවුලක් නෑනේ.ඊළඟට ඒ වේරියබල් දෙකටම අගයන් දීල තියෙනවා.ඒකත් හරිනේ.දැන් යමු අපේ අලුත් කෑලි ටිකට.

පලවෙනි if
මේකෙන් කියන්නේ y වල අගය x ට වඩා වැඩිනම් x is less than y කියලා ප්‍රින්ට් කරන්න.දීල තියෙන අගයන් බැලුවම y වල අගය x ට වඩා වැඩි හන්දා මේක ප්‍රින්ට් වෙනවා.

දෙවෙනි if
අපි දෙවෙනි if එකට යනකොට අපිට හම්බෙනවා x වල අගය දෙකෙන් වැඩි වෙලා x කියන වේරියබල් එකටම ඇතුල්වෙන්න කියල දීල තියෙන හැටි.එතකොට අලුත් x අගය වෙන්නේ 20.එහෙම බැලුවම දෙවෙනි if එකේ කියලා තියෙන x වල අගය y ට සමානයි කියන එකත සත්‍ය වෙනවා.ඒ හන්දා x now equal to y කියන එකත් ප්‍රින්ට් වෙනවා.

තුන්වෙනි if
අපි තුන්වෙනි if එකට යනකොට අපිට හම්බෙනවා x වල අගය ආයේ දෙකෙන් වැඩි වෙලා x කියන වේරියබල් එකටම ඇතුල්වෙන්න කියල දීල තියෙන හැටි.එතකොට මිට කලින් තිබුනේ x වල අගය 20 නේ.ඇයි මුලින්ම 10 තිබුනා.ඊට පස්සේ දෙවෙනි if එකට කලින් ආයේ ඒක 2 න් ගුණ කලානේ.දැන් අයෙ දෙකෙන් වැඩි උනාම අලුත්ම x වල අගය 40 වෙනවා.දැන් if වල කියන්නේ, තියෙන x වල අගය y ට වඩා වැඩි නම් x now greater than y ප්‍රින්ට් කරන්න කියලා.ඒකත් හරිනේ.ඔන්න ඒකත් දැන් ප්‍රින්ට් උනා.

හතරවෙනි if
මේකෙන් කියනවා x වල අගය y වල අගයට සමානනම් you won't see this ප්‍රින්ට් කරන්න කියලා.දැන් වෙද්දී x වල අගය 40 යි. y වල අගය නම් වෙනස් උනෙත් නෑ.y වල අගය 20 මයි.ඒ කියන්නේ මේක සත්‍ය වෙන්නේ නෑ.ඒ හන්ද you won't see this ප්‍රින්ට් වෙන්න බෑ.

හරි නේද? ඊළඟට අපි බලමු for loop එක.ඒක ඊළඟ ලිපියෙන්. මම ගියා.

No comments:

Post a Comment