සෑහෙන
දවසකින් මොකුත් ලියන්නත්
බැරි උනා.exam
වලට
ටිකක් හිර වෙලා හිටියේ.හොඳයි
අද අපි බලමු ෆොර් ලූප්-for
loop එක
ගැන.දැන්
ඔයාලා C/C++
හෝ
C#
එහෙම
දන්නවා නම් මේක දෙයක් නෙවේ.මේ
ෆොර් ලුප් එක සාධාරණ ආකාරය
මෙන්න මේකයි
for loop
for(initialization; condition; iteration)
{
statement
;
}
මෙතන
{
} වරහන්
අවශ්‍ය වෙන්නේ statement
එකකට
වැඩි ප්‍රමාණයක් තියෙනවනම්
විතරයි.නැත්නම්
අවශ්‍ය නෑ.
මේ
මොනවද මේ.දැන්
බලමු.
initialization
- තර්කයේ
ආරම්භය
condition
- මේකට
සමහරු termination
කියලත්
කියනවා.තර්කයේ
අවසානය.
iteration
- නැවත
නැවත පියවර ගලා යාමේදී පෙර
අගයට එකතු වෙන අගය.
මේ
කෙහෙල්මල් ගැන බලමු තව
ටිකක්.initialization
එක
මගින් වේරියබල් එකක අගය ආරම්භ
කරලා ස්ථාවරව තබා ගැනීම සිදු
කරනවා.condition
කියන්නේ
බූලියන් ප්‍රකාශයක්.හරියට
මේ වගේ.
a>5.මේ
ප්‍රකාශය සත්‍ය-true
උනොත්
ෆොර් ලුප් එක දුවනවා.අසත්‍ය-false
උනොත්
ලුප් එක එතනම නවතිනවා.iteration
එකෙන්
කරන්නේ ලුප් එක දුවන හැමසරේම
වේරියබල් එකේ අගය කොහොමද මොන
අගයකින්ද වැඩි කරන්නේ කියලා
බලන එක..
බලමුද
පොඩි ප්‍රෝග්‍රෑම් එකක් ලියලා.
ඕක
රන් කලොත් මෙන්න මෙහෙම එනවා
අවුට්පුට් එක.
දැන්
බලමු මෙහෙම වෙන්නේ කොහොමද
කියලා.මුලින්ම
අපි int
y කියලා
අපේ ලුප් කන්ට්‍රෝල් වේරියබල්
එක ඩික්ලෙයාර් කරලා
තියෙනවා.initialization
එක
හැටියට දීල තියෙනවා y=0
කියලා.ඔන්න
අපේ y
ට
අපි මුල් අගය ලබාදුන්නා.ඊළඟට
හම්බෙනවා condition
එක.
ඒක
අපි දීලා තියෙන්නේ y<5
කියලා.එයා
කියන්නේ අපි මුලින් දීල තියෙන
අගය එහෙම නැත්නම් ලුප් එක
කැරකෙනකොට එන අගය 5
ට
අඩු නම් විතරක් ලුප් එක දුවන්න
කියලා.ඊලඟට
iteration
එක.මේකෙන්
වෙන්නේ ලුප් එක දුවන හැමවෙලාවෙම
මුලින් තිබ්බ අගයට කීයක් එකතු
වෙන්න ඕනෙද නැත්නම් මුලින්
තිබ්බ අගයෙන් කියක් අඩු වෙන්න
ඕනෙද කියලා තමා බලන්නේ.
අපි
ප්‍රෝග්‍රෑම් එක විස්තර
කරගත්තා දැන් බලමු අපේ අවුට්පුට්
එක ආවේ කොහොමද කියලා.
මුලින්ම
අපේ y
අගය
0
යි.ඊළඟට
බලනවා 0
අගය
5
ට
වඩා අඩුද කියලා.ඔව්
5
ට
වඩා 0
අඩුයි
(0<5).condition
එක
සත්‍යයි.ඒ
හන්දා අපේ ලූප් එක දිගටම
දුවනවා.ඊළඟට
එයා යනවා statement
එකට
.ඒ
තමා y
වල
අගය print
කරන්න
කියලා.ඔන්න
y
වල
අගය 0
කියලා
ප්‍රින්ට් කරනවා.ඔන්න
ඊළඟට එයා යනවා iteration
ට.ඒ
කියන්නේ y
ට
1
ක්
එකතු කරන්න.එකතු
කරනවා 1
ක්.දැන්
y
අගය
0+1
= 1 යි..ඊට
පස්සේ ලූප් එක ආයේ උඩට එනවා.මොකද
ලූප් එක exit
වෙන්න
නම් ලූප් එක අසත්‍ය වෙන්න
ඕනෙනේ.
ඊළඟට
ලූප් එක ආයෙ උඩට එනවා.y
අගය
දැන් 1
යි.1
අගය
5
ට
වඩා අඩුයි(1<5).condition
එක
සත්‍යයි.ඊළඟට
එයා යනවා statement
එකට
.ඒ
තමා y
වල
අගය print
කරන්න
කියලා.ඔන්න
y
වල
අගය 1
කියලා
ප්‍රින්ට් කරනවා.ඔන්න
ඊළඟට එයා යනවා iteration
ට.ඒ
කියන්නේ y
ට
1
ක්
එකතු කරන්න.එකතු
කරනවා 1
ක්.දැන්
y
අගය
1+1
= 2 යි..ඊට
පස්සේ ලූප් එක ආයේ උඩට එනවා.මොකද
තාම condition
එක
අසත්‍ය-false
උනේ
නෑනේ.
ඊළඟට
ලූප් එක අයෙ උඩට එනවා.y
අගය
දැන් 2
යි.2
අගය
5
ට
වඩා අඩුයි(2<5).condition
එක
සත්‍යයි.ඊළඟට
එයා යනවා statement
එකට
.ඒ
තමා y
වල
අගය print
කරන්න
කියලා.ඔන්න
y
වල
අගය 2
කියලා
ප්‍රින්ට් කරනවා.ඔන්න
ඊළඟට එයා යනවා iteration
ට.ඒ
කියන්නේ y
ට
1
ක්
එකතු කරන්න.එකතු
කරනවා 1
ක්.දැන්
y
අගය
2+1
= 3 යි..ඊට
පස්සේ ලූප් එක ආයේ උඩට එනවා.මොකද
තාම condition
එක
අසත්‍ය-false
උනේ
නෑනේ.
ඔන්න
උඩට ආවා ආයේ .y
අගය
දැන් 3යි.3
අගය
5
ට
වඩා අඩුයි(3<5).
condition එක
තවම සත්‍යයි.ඊළඟට
එයා යනවා statement
එකට
.ඒ
තමා y
වල
අගය print
කරන්න
කියලා.ඔන්න
y
වල
අගය 3
කියලා
ප්‍රින්ට් කරනවා.ඔන්න
ඊළඟට එයා යනවා iteration
ට.ඒ
කියන්නේ y
ට
1
ක්
එකතු කරන්න.එකතු
කරනවා 1
ක්.දැන්
y
අගය
3+1
= 4 යි..ඊට
පස්සේ ලූප් එක ආයේ උඩට එනවා.තාමත්
condition
එක
අසත්‍ය-false
උනේ
නෑ.
ඔන්න
උඩට ආවා ආයේ .y
අගය
දැන් 4යි.4
අගය
5
ට
වඩා අඩුයි(4<5).condition
එක
සත්‍යයි.ඊළඟට
එයා යනවා statement
එකට
.ඒ
තමා y
වල
අගය print
කරන්න
කියලා.ඔන්න
y
වල
අගය 4
කියලා
ප්‍රින්ට් කරනවා.ඔන්න
ඊළඟට එයා යනවා iteration
ට.ඒ
කියන්නේ y
ට
1
ක්
එකතු කරන්න.එකතු
කරනවා 1
ක්.දැන්
y
අගය
4+1
= 5 යි..ඊට
පස්සේ ලූප් එක ආයේ උඩට එනවා.තාමත්
condition
එක
අසත්‍ය-false
උනේ
නෑ.
ඔන්න
උඩට ආවා ආයේ .y
අගය
දැන් 5යි.5
අගය
5
ට
වඩා අඩුද?
නෑ
5
සමානයි
5
ට.අඩු
නෑ.ඔන්න
condition
එක
අසත්‍යයි.ඔන්න
දැන් ලූප් එක අයින් වෙනවා.එයා
යනවා main
method එකේ
}
ලඟට.ඒකෙන්
එලියට.ඊළඟට
class
එකේ
}
ලඟට.එකෙනුත්
ඉවතට.එකියන්නේ
ප්‍රෝග්‍රෑම් එක ඉවරයි.
තව
දෙයක් තියෙනවා කියන්න.Professional
Java Programmers ලා
ප්‍රෝග්‍රෑම් කෝඩ් කරනකොට
අර අපි ලියපු iteration
එක
ලියන්නේ වෙන විදියකට.අපි
ලියපු iteration
එක
මෙහෙම ලියන්න පුළුවන්.
y++
y
= y + 1
ඒකට
හේතුව තමා ජාවා වල අපිට තියෙනවා
increment
operator කියලා
එකක්.ඒතමා
එකට එක ලඟින් ලියන ++
ලකුණු
දෙක.ඒකෙන්
කියන්නේ මුල් අගය එකකින් වැඩි
කරන්න කියලා.
ඒවගේමයි
එකකින් අඩු කරන්න ඕනේ නම් අපි
ලියනවා එක මෙන්න මෙහෙම.
y--
මේකේ
තේරුම y
= y - 1 කියන
එකමයි.
ඉතින්
දැන් අපි ලියපු අර ප්‍රෝග්‍රෑම්
එක මෙහෙම ලියන්න පුළුවන්.
for(y
= 0; y<5; y++)
තව
තියෙනවා.අපි
උද ප්‍රෝග්‍රෑම් එකේ අපේ for
ලූප්
එක ලියන්න කලින් int
y කියලා
y
වේරියබල්
එක ඩික්ලෙයාර් කලානේ.මේක
අපිට මුලින් ලියන්නේ නැතුව
for
ලූප්
එක ඇතුලෙම ඩික්ලෙයාර් කරන්න
පුළුවන්.ඒ
මෙන්න මෙහෙම.
for(int
y = 0; y<5; y++)
තව
දෙයක්.y<5
condition එක
වගේම මම කිව්වා මේකට termination
කියලත්
කියනවා කියලා.මේකෙන්නේ
අපේ ලූප් එක නවත්තන්නේ.බැරිවෙලාවත්
මේ condition
එක
දාන අමතක උනොත් මොකෝ වෙන්නේ.හෙහේ
මොකුත් නෑ.ඉවර
නොවී ලූප් එක දුවනවා.ඒ
කියන්නේ cmd
එකේ
y
වල
අගය දිගටම ප්‍රින්ට් වේවි
යනවා.ඉවරයක්
නැතුව.මෙමරි
ඉවරවෙනකන් දුවයි.
අදට
ඔය ටික තමා.කෝඩ්
බ්ලොක් සහ තව ෆොර් ලූප් දාලා
ලියපු පොඩි ප්‍රෝග්‍රෑම්
එකකින් හම්බෙමු.ටටා..


මේක දිගටම කරගෙන යන්න. ඒක අපිට කරන ලොකු උදවුවක්. මොකද ජාවා වගේ අපි නොදන්න භාෂාවක් දන්න සිංහලෙන් ඉගෙන ගන්න තියෙන අවස්තාව අපේ රටේ බොහොම අඩුයි. ඒ නිසා අපි වගේ නවකයන්ට කරන උදවව්වක් වශයෙන් මේක දිගටම කරගෙන යන්න.
ReplyDeletethanks metharam hondata kiyaladenawata.
ReplyDeletegodak hodai...plz digatama keragena yanna...mechcharakal java wela noterunu godak dewal igena gatta...
ReplyDelete