වෙබ් සර්වර්ස්
මොනවද මේ වෙබ් සර්වර්ස් කියන්නේ.අපි යන වෙබ්සයිට් රඳවා තබා ගන්න තැනක් තමයි වෙබ් සර්වර් එකක් කියන්නේ.අපි ඉන්ටර්නෙට් ගිහින් යන වෙබ්සයිට් තියෙනවනේ.මේවා ලෝකේ කොහේ හරි තැනක තියන්න ඕනෙනේ.මෙන්න මේ වෙබ් පිටු තියලා තියෙන්නේ වෙබ් සර්වර්ස් වල තමා.මේවට අපි මේ පාවිච්චි කරන windows 7,windows xp දාල වැඩ කරන්න බෑ.ඒවාට වෙනම වැඩසටහන් තියෙනව ඒ වැඩ කරන්න.ඒවා තමා
Apache HTTP Server
Microsoft Internet Information Services (IIS)
nginx
මේ මොකද්ද මේ?මෙන්න මේක බලලා ඉන්නකෝ.
Client කියන්නේ අපි තමා.ඒ කියන්නේ ඉන්ටර්නෙට් පාවිච්චි කරන සාමාන්‍ය අපි.අපිටනේ ඕනේ වෙබ් පිටු.වෙබ් පිටු තියල තියෙන්නේ වෙබ් සර්වර් වල කියලා මම කිව්වනේ මුලින්.අපි මෙන්න මේ සර්වර් එකට පණිවිඩයක් යවනවා.මට www.facebook.com වෙබ්පිටුව අරන් දෙන්න කියලා.ඒක යන්නේ http කියන ප්රෝටෝකොල් එක හරහා.ඒ හන්දා අපි ඒකට කියනවා http request එකක් කියලා.ඊට පස්සේ එයා..එයා ගාව තියෙන වෙබ් පිටුව අපිට එවනවා.ඒකට තමා කියන්නේ http response කියලා. Client විදියට මේ වැඩේ කරන්න අපිට මොනවද ඕන කරන සොෆ්ට්වෙයාර්ස්.මුලිකම දෙය තමා බ්‍රව්සර්-browser එක.internet explorer,mozilla firefox,google chrome වගේ ගොඩක් බ්‍රව්සර් තියෙනවා.මේවා එකක් ඔයාගේ PC එකේ තියෙන්න ඕනේ.දැන් මේ වෙබ් පිටුහදලා තියෙන්නේ විවිධ පරිගණක භාෂා භාවිත කරලනේ.HTML, CSS, Java Script,PHP වගේ ඒවා තමා බහුලව යොදාගන්නේ.
Client Side Processing
ඒ කියන්නේ සමහර දේවල් HTML, CSS, Java Script වගේ භාෂා වලින් හැදුන වෙබ්පිටුවේ කොටස් execute වෙන්නේ Client ගේ පැත්තේදී.ඒ කියන්නේ අපේ බ්‍රව්සර් එක ඇතුලෙදි.එතකොට අපේ බ්‍රව්සර් එකට බෑ Data Base, Log files, XML files, data files වගේ වෙබ්සර්වර් සම්පත් වලට ඇතුල් වෙන්න.ඒත් අපිට ඒවත් බලන්න ඕනෙනේ.ඒවා කොහොමද බලන්නේ අපේ බ්‍රව්සර් එකට ඒවා execute කරන්න බැරි නම්..
Server Side Processing
මේ කියන්නේ PHP, ASP, Servlets, JSP, EJB වගේ ෆ්‍රේම්වර්ක්,ක්‍රමලේඛන භාෂා execute වෙන්නේ වෙබ්සර්වර් එක මගින්.ඒවාට පුළුවන් Data Base, Log files, XML files, data files වගේ වෙබ්සර්වර් සම්පත් වලට ඇතුල් වෙන්න.
Java Servlets
මොනවද මේ Java Servlets කියන්නේ.Java Servlets කියන්නේ ජාවා වල තියෙන ක්ලාස් එකක්.අපිට මේකෙන් පුළුවන් අපේ වෙබ්සර්වර්ස් වල කෙරෙන වැඩ රාජකාරි තව වැඩි දියුණු කරගන්න.මේකට අපි කියනවා Dynamic Front End Development Technologies කියලා.මේ ගැන අපි වැඩි තොරතුරු ඉස්සරහට බලමු.
Tomcat
Apache HTTP Server කියන්නේ වෙබ්සර්වර් එකක් කියලා මම උඩදී කිව්වනේ.ඒත් මෙයාට මේ Java Servlets එක්ක වැඩ කරන්න බෑ.ඉතින් එතකොට අපිට යොදාගන්න වෙනවා Apache Tomcat .මෙයා වෙබ්සර්වර් එකක් වගෙත් වැඩ කරනවා.ඊට වඩා අපි කියනවා Servlet Container එකක් කියලා.ඒවගේම මෙයා http server එකක් විදියට වැඩ කරන්නව අපේ ජාවා කෝඩ් එක රන් කරද්දී එහෙම.Tomcat ඩව්න්ලෝඩ් කරගන්න මෙතනින්. ඔයාගේ OS එක බලලා බාගන්න.බාගෙන extract කරලා තියාගන්නකෝ
ඊළඟ ලිපියෙන් මං කියලා දෙන්නම් Tomcat එක්ක වැඩ කරන්නේ කොහොමද කියලා.ඔන්න මම ගියා.ජය වේවා..!

No comments:
Post a Comment