Pages - Menu

Saturday, August 10, 2013

J2SE - 03.2 Data Types - Floating Point

හරි අද මම කියන්න යන්නේ Floating Points නම්බර්ස් ගැන.අපි මේවට Real නම්බර්ස් කියලත් කියනවා.අපි මේ ඩේටාටයිප් යොදාගන්නේ දශම සංඛ්‍යා නිරූපනය කරන්න.උදාහරණයක් ගත්තොත් සංඛ්‍යාවක වර්ගමුලය පෙන්නන්න ඕනේ වුනොත් අපිට මේ ඩේටාටයිප් එක ඕනේ වෙනවා.එතකොට ගණිතයේ සයින් කොසයින් අගයන් නිරූපනය කරන්න ඕනේ උනහම අපිට මේ ඩේටා ටයිප් එක ඕනේ වෙනවා.දැන් බලන්න 03 වර්ගමුලය තමයි 1.7320 ආසන්න ලෙස.මේකේ දශම සංඛ්‍යා තියෙනවා කියලා පේනවනේ.හැබැයි මේ ඩේටා එක ඔයාට int වේරියබල් එකකට එහෙම දාන්න බෑ.දාන්න පුළුවන්.කම්පයිල් කරගන්න බෑ.බලමු int වේරියබල් එකකට දශම අගයක් දාල  කම්පයිල මොකද කියන්නේ කියලා.