Pages - Menu

Saturday, March 23, 2013

J2SE - 02 First Program in Java

හරි.දැන් අපී ජාවා ඉන්ස්ටෝල් කරගෙන ඉවරයි.එ වගේම ජාවා ගැන යම්තාක් දුරට හැදින්වීමකුත් අපි දන්නවා.දැන් අපි ජාවා ප්‍රෝග්‍රෑම් කරන්න පටන් ගමු.


ඔන්න ඕක තමා අපේ පලවෙනි ප්‍රෝග්‍රෑම් එක.ඕක වැඩ කරවන්නේ කොහොමද කියල අපි බලමු.මෙන්න මේ කෝඩ් ටික Note Pad එකේ ලියල Save As ගිහින් Example.java විදියට නේම් එක දීල සේව් කරගන්න ඕනේ.ඊට පස්සේ අපි මේ ෆයිල්  එක කම්පයිල් කරලා ඊට පස්සේ ඉන්ටප්රිට් කරන්න ඕනේ.ඊට පස්සේ අපිට එනවා අවුට්පුට් එක.මේ හැම අලුත් දේම මම විස්තර කරලා දෙන්නම්.

වෙන ක්‍රමලේඛන භාෂා ගැන බැලුවොත් අපේ මේ කෝඩ් එකේ ෆයිල් නේම් එක මේ කෝඩ් එක තුල තිබීම අනිවාර්ය නෑ.නමුත් ජාවා එහෙම නෑ.පළමුවෙන්ම මතක තියාගන්න ඕන දේ තමා අපි ජාවා කෝඩ් එකට දෙන නම ගොඩක්ම වැදගත්.දැන් බලමු මේ ප්‍රෝග්‍රෑම් එක සේව් කරන්න Text ෆයිල් එකට දෙන නමත් අපේ කෝඩ් එකේ දීල තියෙන Example.java ම විය යුත්තේ ඇයි කියලා.

ජාවා වල සෝස් කෝඩ් එකට අපි කියනවා කම්පයිලේෂන් යුනිට් එක කියලා.ඒකියන්නේ ක්ලාස් ඩේෆිනිෂන් එකක් හෝ ඊට වඩා සහිත Text ෆයිල් එකකට.මම උඩින් කියපු කම්පයිල් කරනවා කියන වැඩේ කරන්නේ කම්පයිලර් කියල පොඩි වැඩකාරෙයෙක්.එයා ජාවා ඉන්ස්ටෝල් කරනකොට කම්පියුටර් එකට ඉන්ස්ටෝල් වෙනවා.ජාවා කම්පයිලට .java එක්ස්ටෙන්ෂන් එක සහිත ෆයිල් විතරයි අඳුරගන්න පුළුවන්.ෆයිල් එක කම්පයිල් කරන හැටි අපි තව ටිකකින් බලමු.

අපේ මේ .java එක්ස්ටෙන්ෂන් එක කැරක්ටස් (characters) 04 ක් සහිතයි.ඔයාගේ ඔපරෙටින්ග් සිස්ටම් එකටත් මේ වගේ දිග එක්ස්ටෙන්ෂන් හඳුනාගැනීමට හැකි විය යුතුයි.ඒ කියන්නේ DOS හෝ Windows 3.1 වලට ජාවා එක්ක වැඩ කරන්න බෑ.ඒත් Windows 95/98/NT/2000/XP/7/8 කිසි අවුලක් නැතිව වැඩ කරනවා.

දැන් අපි බැලුවොත් ප්‍රෝග්‍රෑම් එක දිහා ආයෙත් අපිට දකින්න පුළුවන් 05 ලයින් එකේ තියෙන ක්ලාස් නේම් එකත් Example.ජාවා වල අපි ලියන ඕනෑම කෝඩ් එකක් ක්ලාස් එකක් ඇතුලේ තමා ලියන්න ඕනේ.ඒවගේම ක්ලාස් එකේ ලියලා තියෙන විදියටම ෆයිල් එකේ නම මැච් වෙන්න ඕනේ.කැපිටල් සිම්පල් අකුරු ඔක්කොම.හේතුව තමා ජාවා කේස් සෙන්සිටිව්(case-sensitive).ඒ  කියන්නේ අකුරක් කැපිටල් සිම්පල් වෙනස් වීම ප්‍රෝග්‍රෑම් එකේ නිවැරදි භාවයට හා ප්‍රෝග්‍රෑම් එක නිවැරදිව වැඩ කිරීමට බලපානවා.

දැන් අපි බලමු මේ ජාවා ප්‍රෝග්‍රෑම් එක කම්පයිල් කරන්නේ කොහොමද කියලා.

Compiling the Program

ලියපු කෝඩ් එක කම්පයිල් කරවන්න අපි කම්පයිලර්ට කතා කරන්න ඕනේ.අපි ජාවා කෝඩ් එකක් වැඩ කරවන්න නම් අපිට ඕන වෙනවා කමාන්ඩ් ලයින් එක.කමාන්ඩ් ලයින් එක ඕපන් කරගන්න පුළුවන් Windows 7 වල නම් search බාර් එකේ cmd කියල ටයිප් කරලා එන්ටර් කරලා ගන්න පුළුවන්.Windows XP නම් Start menu > All progams > Accesories > Command Prompt වලින් ගන්න පුළුවන්.අපේ කම්පයිලර්ගේ නම තමා javac . මෙයාගෙන් තමා අපි වැඩේ කරගන්න ඕනේ.අපි දැන් ඔය ෆයිල් එක සේව් කල තැනට යන්න ඕනේ කමාන්ඩ් ලයින් එකෙන්.මගෙනම් ෆයිල් එක සේව් කලේ Projects කියන ෆෝල්ඩර් එක ඇතුලට.ෆයිල් එක අඩංගු ෆෝල්ඩරේ ඇතුලට කමාන්ඩ් ලයින් එකෙන් ගියාට පස්සේ අපි කමාන්ඩ් ලයින් එකේ මෙහෙම ටය්ප් කරලා එන්ටර් කරන්න ඕනේ.
javac Example.java
ඊට පස්සේ අපි බැලුවොත් ෆයිල් එක සේව් කල තැන අපේ ක්ලාස් ෆයිල් එක හැදිලා ඇති.එකේ තියෙන්නේ බයිට් කෝඩ්ස්.මේ ගැන මම කලින් ලිපියේදී කිව්වා මතක ඇතිනේ ජාවා කම්පයිලර් හදන අතරමැදියා කියලා.
ඊළඟට මේ හදපු ක්ලාස් ෆයිල් එක දුවවන්න අපිට ඕන වෙනවා java කියන ඉන්ටප්රිටර්ව.එක කරන්නේ මෙන්න මෙහෙම. මේකත් ලියල එන්ටර් කරන්න.
java Example
දැන් අපිට අවුට්පුට් එක එනවා මෙන්න මෙහෙම. Hello World කියලා.
 දැන් අපි බලමු ටිකක් මේ ගැන.ජාවා කෝඩ් එක කම්පයිල් කලාම අපි කෝඩ් එකේ හදලා තියෙන ක්ලාස් ගානටම ක්ලාස් ෆයිල් හැදෙනවා.ඒවායේ එක්ස්ටෙන්ෂන් එක තමා .class .ඒක හැදෙන්නෙත් අපි ෆයිල් එකට දීපු නමෙන්මයි.අන්න එතකොට ඉන්ටප්රිටර්ට පුළුවන් එයා  ඉන්ටප්රිට් කරන්න ඕනේ මොන ෆයිල් එකද කියලා අඳුන ගන්න.එයා ඉබේම ඒ නම තියෙන ෆයිල් එක අඳුන ගන්නවා.ඊට පස්සේ ඒ ක්ලාස් නමෙන් තියෙන කෝඩ් එක රන් කරවනවා.

දැන් මේ කෝඩ් එකේ ලියපුවා කාටවත් තේරුනේ නෑ නේද? ඊළඟ ලිපියෙන් බලමු කෝඩ් එකේ ලියපු හැම දේ ගැනම අදට මම ගියා

1 comment: