Pages - Menu

Saturday, March 23, 2013

J2SE - 01 Introduction to Java

 අපි බලමු මොකද්ද මේ ජාවා කියන්නේ කියලා. ජාවා අමාරු නෑ.ටිකක් මහන්සි උනානම් ගොඩ දාගන්න පුළුවන්.ජාවා ගැන ගොඩක් අය ලියලා තියෙනවා.ඒත් ඒ හුඟක් ඒවා බාගෙට වගේ.බාගයක් කිව්වට හරිම චුට්ටයි.ඉතින් මම ට්‍රයි කරනවා උපරිම දෙයක් කරන්න.ජාවා ගැන ඔයාලට මම මෙන්න මේ විදියට තමා කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ.දන්නා අයත් ඉන්නවනම් මට වැරදුනොත් හරි වැදගත් දෙයක් මග අරුනොත් හරි ටිකක් මතක කරලා දෙන්න.මමත් තාම ජාවා ඉගෙන ගන්නවා.ඉවර කරලා එහෙම නෑ.ඒ හන්දා මටත් වරදින්න පුළුවන්.හරිද?  



ජාවා ගත්තම ජාවා වල ප්‍රධාන ආකාර 3 ක් තියෙනවනේ.
1. Java SE
2. Java EE
3. Java ME

Java SE

Java SE - Java Platform, Standard Edition

මේ  කියන්නේ ජාවා වල වැඩියෙන්ම යොදා ගන්න ප්ලැට්ෆෝ(ර්)ම් එකයි.මේකෙන් අපි පෝටබල් ඇප්ලිකේෂන් හදනවා සර්වර් වලට සහ සාමාන්‍ය ඩේස්ක්ටොප් වලට.

Java EE

Java SE - Java Platform, Enterprise Edition

මේක අපි යොදාගන්නවා  වෙබ් සර්විසස් වලට එතකොට නෙට්වර්ක් සයිඩ් එකට එන්ටර්ප්‍රයිස් සොෆ්ට්වෙයාර් හදන්න.

Java ME

Java ME - Java Platform, Micro Edition

මේක අපි යොදාගන්නවා මොබයිල් ඇප්ලිකේෂන් හදන්න  එතකොට embedded systems හදන්න.


මේ ජාවා ප්ලැට්ෆෝම් 3 ගැනම අපි ඉගෙන ගමු ඉස්සරහට.මෙතන ඉඳං මම පටන් ගන්නවා JavaSE කොටස.JavaSE වල පහල විදියට කොටස් කීපයකට බෙදල මම කියල දෙන්නම්.ඊළඟට JavaEE පටන් ගමු.

 Java SE
  1. Introduction to Java
  2. First program in Java
  3. Data Types
  4. Variables
  5. Arrays
  6. Java Operators
  7. Introduction to Classes
  8. Methods and Classes
  9. Inheritance
  10. Packages and Interfaces
  11. Exception Handling
  12. Multithreaded Programming
  13. I/O Applets
  14. String Handling 
  15. java.lang
  16. java.util
  17. java.io
  18. Networking
  19. The Applet Class
  20. Event Handling
  21. AWT
  22. Images
  23. Other packages
  24. Swing
ජාවා කියන්නේ  පරිගණක ක්‍රමලේඛණය කිරිමට හාවිතා කරන පරිගණක ක්‍රමලේඛණය භාෂාවක් . Sun Microsystems  විසින් 1995 වර්ෂෙය්දි මේක හඳුන්වා දුන්නා.. මේක C සහ C++ යන පරිගණක ක්‍රමලේඛණ හාෂා වලට සමානකම් තිබුනා උනත් ඊට වඩා වැඩි පහසුකම් තියෙනවා . ජාවා වැඩසටහන් bytecode නැමැති ක්‍රමයට පරිවර්තනය කරලා  "ජාවා වැඩකරන පරිසරය" තුල ක්‍රියාත්මක වෙනවා . "ජාවා" යනු දැනට භාවිතයේ පවතින ජනප්‍රියතම ක්‍රමලේඛන භෂාවක් වන අතර,එය පරිගනක යෙදවුම් මෘදුකාංග (Computer Application Software) සැකසීමේ සිට වෙබ් යෙදවුම් (Web Application) දියුණු කිරීම දක්වා වූ පුළුල් පරාසයක ව්‍යප්ත වී පවතිනවා . නමුත් දැන් ජාවාහි අයිතිය Oracle ආයතනය සතුයි.

දැන් අපි බලමු ජාවා වැඩ කරන හැටි.මේකෙදි අපි කෝඩ් ලියන්නේ .java එක්ස්ටෙන්ෂන් එක තියෙන විදියට.ඊට පස්සේ මේ ෆයිල් එක .class ෆයිල් විදියට කම්පයිල් කරනවා.එක කරන්නේ ජාවා කම්පයිලර් මගින්.මේ හැදෙන ක්ලාස් ෆයිල් එක තුල කෝඩ්ස් මොකුත් නෑ.එවෙනුවට එකේ තියෙන්නේ බයිට්කොඩ්ස් ලෙස හඳුන්වන තොරතුරු වගයකුයි.තව ඉස්සරහට මේවා විස්තර කරනවා.බය වෙන්න එපා

ඒ විදියට හැදුන .class ෆයිල් එක පරිගණකයේ මෙහෙයුම් පද්ධතියට වටහා ගන්න පුළුවන් විදියට සකස් කරනවා..මේක කරන්නේ JVM -Java Virtual Machine මගින්.මේක අපි ජාවා ඉන්ස්ටෝල් කරද්දී අපිට හම්බෙනවා.
ජාවා පටන් ගන්න කලින් ජාවා ඉන්ස්ටෝල් කොරගන්න ඕනෙනේ.එකට ඕනේ කරන්නේ ජාවා JDK - Java Development Kit එක.ඒක කරන්නේ මෙහෙමයි.යන්න මේ ලින්ක් එකට.
Download java JDK
බාගන්න JDK ෆයිල් එක ඔයාගේ OS එකට ගැලපෙන.ඉන්ස්ටෝල් කරගන්න නෝමල් සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරගන්න විදියට.යන්න ඉන්ස්ටෝල් උන තැනට.ඕපන් කරන්න ජාවා ෆෝල්ඩර් එක.ආයෙ ඕපන් කරන්න JDK1.x ෆෝල්ඩර් එක.ඕපන් කරන්න ඒකේ ඇතුලේ තියෙන bin ෆෝල්ඩර් එක.දැන් උඩ තියෙන ලින්ක් එක කොපි කරගන්න.මගේ නම් මෙන්න මෙහෙම ලින්ක් එකක් තමා එන්නේ.
C:\Program Files\Java\jdk1.7.0_02\bin
දැන් යන්න ඕනේ Environment variables වලට.ඒකට යන්නේ මෙන්න මෙහෙම
Windows XP :
Right-click My Computer, > Properties > Advanced tab > Click Environment variables.
Windows 07 :
Right-click My Computer, > Properties > Advanced system settings >
Advanced tab > Click Environment variables.

ඊට  පස්සේ user variables යටතේ new  තෝරන්න.
name : path
value : C:\Program Files\Java\jdk1.7.0_02\bin         (මුලින් කොපි කරගත්ත පාත් එක)
විදියට  දීලා ඔක්කොම OK දීලා දාන්න.දැන් ජාවා වැඩද බලන්න යන්න command line එකට.ඒකට යන විදියත් කියන්නම්කො.
Windows 7 :
 Search බාර් එකේ cmd කියලටයිප් කරලා එන්ටර් කරල ගන්න පුළුවන්.
Windows XP :
 Start menu > All programs > Accessories > Command Prompt වලින් ගන්න පුළුවන්

දැන් javac කියලා ටයිප් කරලා එන්ටර් මෙන්න මෙහෙම හෑල්ලක් එනවා නම් ජාවා හරියට ඉන්ස්ටෝල් වෙලා හරියට පාත් සෙට් කරලා තියෙන්නේ.

නැත්නම්
'javac' is not recognized as an internal or external command,operable program or batch file. මෙහෙම එනවා නම් ටිකක් ආයේ බලන්න වෙනවා කොතනද වැරදුනේ කියලා.

ඒවගේම  කියන්න ඕනේ.. අපි ඕපන්සෝස්.මේවා ඕන කෙනෙක්ට අරන් තමන්ගේ බ්ලොග් වල දාගන්න.පොත් අච්චු ගැහුවත් කමක් නෑ.හැබැයි අපි ගැනත් ටිකක් සලකා බලන්න.එහෙනම් උඩ කිව්වා වගේ අපි First program එක පටාන් ගමු.ඒවගේම උපරිම විස්තර කිරීම් එක්ක මේක අරන් යන්න මම ගොඩක් ට්‍රයි කරනවා.අවුල් ආවොත් කමෙන්ට් පාරක් දාලා යන්න.හම්බෙමු ඊළඟ ලිපියෙන් ..

3 comments:

  1. ගොඩක් වටිනා ලිපි පෙලක්. දිගටම කරගෙන යන්න.

    ReplyDelete
  2. නියම වැඩක් සහෝදරයා.

    ReplyDelete
  3. එලමකිරි වැඩක් මචෝ... කීප් ඉට් අප්...

    ReplyDelete