Pages - Menu

Tuesday, March 26, 2013

J2SE - 02.2 Second Program in Java

ඉතින් ඉතින් ඔන්න අද අපේ දෙවෙනි කෝඩ් එක ලියන්න යන්නේ.මේකට පොඩි අලුත් දේවල් ටිකක් දානවා.ඒවා මොනාද කියලා හඳුන්වලා දෙන්නම්.හැබැයි විස්තරාත්මකව පසු ලිපියකින් මම කියලා දෙන්නම් මේකේ යොදාගන්න අලුත් දේවල්.වේරියබල් එකක් කියන්නේ මොකද්ද කියල මම පොඩ්ඩක් කලින් කියල දුන්න මතක ඇතිනේ.වෙරියබල් එකක් කියන්නේ අපේ දත්ත ගබඩා කරලා තියාගන්න මෙමරි එකේ ස්ථානයක් එහෙමත් නැත්නම් memory location එකක්.අපිට පුළුවන් එතනට value එකක් දාන්න.හරියට ඔයාගේ මතකයේ තැනක් වෙන් කරලා අද මේ අපි බලන ජාවා ටික එතනට දානවා වගේ.අපිට ඕනේ උනාම ඒ ජාවා ටික ඔයාගේ මතකෙන් අයෙ ගන්නත් පුළුවන්.ඒවගේමයි මේ වෙරියබල් values කෝඩ් එක රන් වෙනකොට වෙනස්වෙන්නත් පුලුවන්.මෙන්න මේ අලුත් කෝඩ් ඒකෙන් මම කියලා දෙන්නම් වේරියබල් එකක් ඩික්ලෙයාර්(සාදන්නේ) කරන්නේ සහ ඒකට value එකක් දෙන්නේ කොහොමද කියලා.ඒවගේම කලින් ලිපියේදී මම කිව්ව console output එක ගැන අලුත් දෙයකුත් ඉගෙන ගමු.

 


මේකේ ක්ලාස් නේම් එක පේනවා ඇතිනේ Example2 කියලා ඒ හන්දා මේක සේව් කරන්න ඕනෙත් Example2.java කියලා. මතක නැත්නම් මෙතනින් යන්න අපේ දෙවෙනි ලිපිය.
ඔයා මේ කෝඩ් එක රන් කලොත් මෙන්න මෙහෙම අවුට්පුට් එකක් ලැබෙයි.


මේ අපි ලියපු කෝඩ් එකේ අපි බලමු 03 වන ලයින් එක.අලුත් දෙයක් නේද?මෙතන තමයි වේරියබල් එක හදන්නේ.අපි කියනවා ඩික්ලෙයාර්-declare කරනවා කියලා.
int num ;

මෙතන හදන්නේ ඉන්ටිජර්-integer වේරියබල් එකක්.එකේ නම තමා num.හැම වේරියබල් එකක්ම පාවිච්චි කරන්න කලින් හදලා ඉන්න ඕනේ.ඒකියන්නේ අගයක් දෙන්න කලින් වේරියබල් එක හදන්න ඕනේ.මම කිව්වා වගේ අපි පාඩම් කරන ජාවා මතකෙට දාන්න කලින් තැනක් ඒකට වෙන් කරන්න එපෑ.නැත්නම් දවල්ට කාපුවා පිස්සු නටපුවා එක්ක පැටලේනවනේ.නේද?ඊට පස්සේ තමා අපි value එකක් දෙන්නේ.ආහ් මේ ඉන්ටිජර් කියන්නේ මොනාද කියලා කියන්නම් පස්සේ.වේරියබල් එකක් ලියන සාධාරණ අකාරය තමා මේක.
type variable-name

type කියන්නේ මේ වේරියබල් එක මොන ආකාරයේද කියන එකයි.ජාවා වල type කිහිපයක්ම තියෙනවා.integer,character,floating-point වගේ. variable-name කියන්නේ වේරියබල් එකට දෙන නම.බෙරිවෙලාවත් ඔයාට ඕනේ උනොත් වේරියබල් එකකට වඩා දෙන්න කොමා දාල පුළුවන් අපිට ඩික්ලෙයාර් කරන්න මෙන්න මේ වගේ.හැබැයි එකට ඒ ලියන ඔක්කොම එකම type එකට වැටෙන්නත් ඕනේ.
int num, num2, num3 ;
නැත්නම් මෙන්න මෙහෙම එකක් ගානේ ලියන්න වෙනවා.ඒක මහා කරදර වැඩක්නේ.
int num ;
int num2 ;
int num3 ;

අපි යමු ඊළඟ ලයින් එකට.
num = 100 ;
මේකෙන් කරන්නේ අර අපි හදපු num කියන වේරියබල් එකට 100 කියන අගය දෙන එක.දැක්කනේ මුලින් අපි වේරියබල් එක හදනවා.ඊළඟට ඒකට අගයක් දෙනවා.හැබැයි වේරියබල් එකක් හැදුවම අගයක් දෙන්න ඕනෙම කියලා නෑ.එතකොට ඔයාට පේනවා = ලකුණ.අපි මේකට කියන්නේ අසයින්මන්ට් ඔපරේටර්-assignment operater කියලා.ඒ ගැන තව ඉස්සරහට බලමු.දැන් අපි යමු ඊළඟ ලයින් එකට.
System.out.println(“This is num: ”+ num) ;

මේකේ අලුත් දේවල් ටික බලමු.මොකද ගොඩක් ඒවා අපි පෙර ලිපියේදී බැලුවනේ.ඒවානම් අයෙ මම කියන්නේ නෑ.මම කිව්වා වගේ “ ” ඇතුලේ තියෙන දේ ප්‍රින්ට් වෙනවනේ.එක ගැටළුවක් නෑනේ.එතකොට This is num: කියන එක ප්‍රින්ට් වෙනවා. හැබැයි ඔතන : ට පස්සේ ස්පේස්-space එකක් තියලා තමා මම ” ලකුණ දාලා ඉවර කරලා තියෙන්නේ.ඒ හන්දා ඒ ස්පේස් එකත් ප්‍රින්ට් වෙනවා.ස්පේස් එකේ මොනවද හැබෑටම ප්‍රින්ට් වෙන්නේ? දෙය්යෝ තමා ඕවා දන්නේ.හෙහේ.. ඒ කියන්නේ ඒ තියලා තියෙන ස්පේස් එකත් වැටෙනවා කියන එක.එතකොට මේ දැන් ප්‍රින්ට් උන ඒවා අකුරුනේ.ඒ කියන්නේ characters වල එකතුවක්.මෙන්න මේ කියන characters වල එකතුව අයත් වෙන්නේ string කියන type එකට.එතකොට අපි හදපු වේරියබල් එක ඉන්ටිජර් type එකේ.ආකාර දෙකක්.මේ දෙක එකට සම්බන්ධ කරන්නේ + ලකුණෙන්.මේකට අපි කියනවා කන්කටිනේටර්-concatenater කියලා.මේ ගණිතමය එකතු කිරීම එහෙම නෙවේ. num කියන අපේ වේරියබල් නම දුන්නම, num ට අපි දීලා තියෙන අගය ප්‍රින්ට් වෙනවා අර This is num: කියන string එකත් එක්කම.ඇත්තටම මෙහෙම ආකාර දෙකක් එකට එකතු වෙන්නේ නෑ.ඉන්ටිජර් එක ස්ට්‍රින්ග් බවට හැරවිලා තමා එකතු වෙන්නේ.ඒවා බර වැඩි.ඒගැන පස්සේ බලමු.

ඔන්න ඊළඟට ඔයාට හම්බෙනවා
num = num * 2 ;
අපි මේ * ලකුණෙන් කියන්නේ ගුණ කිරීම.දැන් තේරෙනවනේ.අපි num කියන වේරියබල් එකට දීලා තිබුන මුල් අගය දෙකෙන් වැඩි කරලා ආයෙම num කියන වේරියබල් එකටම ඇතුල් වෙනවා.ඒ කියන්නේ අපි මුලින් num ට දුන්නේ 100. දැන් ඒක දෙකෙන් වැඩි උනාම 200 යි.අලුත් num අගය 200 වෙන්න ඕනේ.

මෙන්න අපේ ඊළඟ ලයින් 02.
System.out.print (“The value of num * 2 is ”) ;
System.out.println (num) ;
අලුත් දේවල් දෙකක්.println() method එක නම් මතක ඇති.කලින් කලානේ දෙවෙනි ලිපියෙන්.මේ මොකද්ද print() method එක.එකම තමා වෙන්නේ.අපි දෙන දේ ප්‍රින්ට් කරන එක.හැබැයි කරන විදියේ පොඩි වෙනසක් තියෙනවා.අපි කොතන හරි print() method එක දුන්නොත් ඊළඟට අපි දෙන print method ඒකෙන් ප්‍රින්ට් වෙන්නේ ඒ ලයින් එකේමයි.උඩ දීලා තියෙන්නේ පලවෙනි print method එක print() method එක.ඒහන්දා ඊළඟට අපි දෙන print method ඒකෙන් ප්‍රින්ට් වෙන්නේ ඒ ලයින් එකේමයි.හැබැයි println() method එක දුන්නොත් ඊළඟට print method ඒකෙන් ප්‍රින්ට් කරන දේ ප්‍රින්ට් වෙන්නේ ඊළඟ ලයින් එකේ.ඔය දෙකේ වෙනස ln අකුරු දෙකනේ.ln කියන්නේ line කියන එකනේ.ඒ කියන්නේ new line එහෙමත් නැත්නම් අලුත් ලයින් එකක කියන තේරුමම තමා.
බලමු ලයින් දෙක මෙහෙම මාරු කරලා දාලා.

System.out.println (“The value of num * 2 is ”) ;
System.out.print (num) ;

එතකොට අවුට්පුට් එක එන්නේ මෙන්න මෙහෙම.

The value of num * 2 is
200

මොකද අපේ පලවෙනි print method එක println() නේ.ඊළඟට අපි දෙන print method එකෙන් ප්‍රින්ට් වෙන්නේ ඊළඟ ලයින් එකේ.ඔන්න ඔය ටික තමා අදට. අපි බලමු ඊළඟ ලිපියෙන් කන්ට්‍රෝල් ස්ටේට්මන්ට්ස් ගැන.අදට මම ගියා.

2 comments: