Pages - Menu

Friday, July 26, 2013

J2SE - 02.6 Whitespaces / Identifiers / Keywords / Separators

ඔන්න අපේ දෙවෙනි (J2SE - 02) පාඩමේ අවසාන කොටස.හරි අද පාඩම මෙහෙමයි වෙන්නේ.අපි ප්‍රෝග්‍රෑම් කීපයක්ම ලිව්වනේ.තැන තැන කියපු නොකියපු පොඩි පොඩි කරුණු ටිකක් ආයේ ලියන්න හිතුනා.ඒවා තමා White-spaces / Identifiers / Literals / Separators / Keywords.මේවා එකතු වෙලා තමා ජාවා හැදිලා තියෙන්නේ.

White-space

අපි දන්නවා ජාවා වල White-space කියන්නේ tab / space / newline වලට  කියලා.අපි ලියන පොඩි ප්‍රෝග්‍රෑම් එකක් ඔයාට ඕනේ නම් එක ලයින් එකක ලියන්නත් පුළුවන්.අවුලක් නෑ.



Identifiers

Identifiers අපි යොදා ගන්නවා method,class,variables නම් වලට.මේ නම් දානකොට පොඩි සැලකිය යුතු කරුණු ටිකක් තියෙනවා.Identifiers ලියද්දි කැපිටල් අකුරු,සිම්පල් අකුරු,අංක,ඩොලර් සලකුණ($) හා අන්ඩර්ස්කොර්( _ ) යොදාගන්නවා.වෙන සලකුණු කිසිම දෙයක් යොදාගන්නේ නෑ.ඒවගේම අපි Identifiers ලියද්දී අංකයකින් පටන් ගන්න බෑ.ජාවා කේස් සෙන්සිටිව්-case sensitive භාෂාවක්.JAVA සහ Java කියන වචන දෙකම සම්පූර්නයෙන්ම වෙනස් වචන දෙකක්.නිවැරදි Identifiers තමා මේවා.
AvgMarks          count        this_ok      a66      $marks

වැරදි Identifiersතමා මේවා..
45marks             Im/ok               Avg-Temp


Keywords

Keywords කියන්නේ ජාවා වල විවිධ වැඩ සඳහා වෙන් කර හඳුනා ගන්න වෙන් කරලා තිබෙන වචන කීපයක්.මේවා අපිට method,class,variables නම් වලට යොදා ගන්න බෑ.ඒ කියන්නේ Identifiers විදියට යොදා ගන්න බෑ.const සහ goto කියන Keywords දෙක එතරම් භාවිතයක් නැතත් වෙන් කරලා තියෙනවා.එතකොට true,false සහ null වචනත් Keywords වගේ පෙනී හිටියත් ඇත්තටම ඒවා අපි literals වලට දානවා.ඒ උනත් මේ වචන 03 අපිට Identifiers හැටියට යොදා ගන්න බෑ.ගොඩක් තැන වලදී 
Keywords ගණන 49 ක් කියලා තමා කියන්නේ.නමුත් අලුතෙන් එකතු වුන enum කියන Keyword එකත් එක්ක ඔක්කොම 50 ක් වෙනවා.මේවා ටික කටපාඩම් ඕනේ නෑ.ඒත් මතකයේ ලාවට තියාගන්න එක හොඳයි.

Separators

මීලඟට මම කියන්න යන්නේ Separators ගැන.මේ මොනවද? බලමු.

( )  මේකට අපි කියන්නේ Parentheses-පැරන්තිසස්  කියලා.පැරාමිටර්ස් දෙන්න අපි යොදා ගන්නවා.control ස්ටේට්මන්ට්ස් වලදී අපේ තර්ක ලබා දෙන්නත් අපි යොදාගන්නවා.
     for (x > 10)

{ } මේකට අපි කියන්නේ Brases-බ්රේසස් කියලා.අපි බ්රේසස් යොදා ගන්නවා ඇරේ-array වලදී values දෙන්න.ඒවගේම අපි යොදාගන්නවා කෝඩ් බ්ලොක්ස් වලදී.මතක නැත්නම් මෙන්න තැන.ඒවගේම methods,classes වල සිමාව තීරණය කරන්නත් ගන්නවා.

[ ] මේවා තමා Brackets.ඇරේ-array හදද්දී අපි යොදා ගන්නවා.ඇරේ-array කියන්නේ මොනවද කියලා ළඟදීම කියලා දෙනවා.

; මේවා තමා Semicolon-සෙමිකෝලන් කියන්නේ.ස්ටේට්මන්ට් ඉවර කරන්න අපි මේවා යොදා ගන්නවා.

, මේ Comma.එකම type එකේ වෙරියබල් දෙකක් එහෙම ඩික්ලෙයාර් කරන්න උනාම අපි දෙන්නේ කොමාව තමා.    int AvgMarks, FullMarks ;

. අපි මේකට කියන්නේ Period-පීරියඩ් කියලා.import ස්ටේට්මන්ට්ස් ලියනකොට පැකේජ,සබ් පැකේජ,ක්ලාස් වෙන කරන්න අපි දෙන්නේ Period සලකුණ.
import graphics.Rectangle;
import ස්ටේට්මන්ට්ස් ගැනත් ටිකකින් කියනවා.

මෙතනින් අපේ දෙවැනි පාඩම ඉවර වෙනවා.මීළඟට මම එන්නේ අපේ J2SE Introduction එකේ තියෙන විදියට තුන්වෙනි පාඩමට .ඒ තමා Data Types.ඊළඟ ලිපියෙන් හමු වෙමු.

No comments:

Post a Comment