Pages - Menu

Friday, November 7, 2014

J2SE - 04.2 Variables Dynamic Initialization

හරි දැන් අපි වේරියබල්ස් ගැන දන්නවා ටිකක්.කොහොමද වේරියබල් එකක් හදන්නේ සහ ඒකට අගයක් දෙන්නේ.මේ වැඩ දෙකට අපි පිලිවෙලින් කියනවා Variable Declaration සහ Initialization.ඒ ගැන දන්නේ නැත්නම් යන්න මෙතනට. එතකොට මේ කියන  Initialization-ඉනිශියලයිසේෂන් එහෙමත් නැත්නම් හදාගත්ත වේරියබල් එකකට අගයක් දෙන එක අපි මුලින්ම කලේ සමාන කිරීමක් දාලා අගයක් දීපු එකනේ.මෙන්න මේ විදියට.
int results = 75 ;

අපි මෙන්න මේ ක්‍රමේට කියනවා Constants Initialization කියලා.ඒ කියන්නේ කෙලින්ම නොවෙනස් අගයක් එක පාරම දීලා දානවා.එතකොට අපිට බැලුව ගමන්ම පේනවා අගය කීයද කියලා.ඇයි කේක් ගෙඩිය වගේ අපි අගය දීල තියෙනවනේ.හැබැයි Dynamic Initialization වල වෙනස් මේ ක්‍රමේට වඩා.බලමු අපි දැන්.




අපි දැන් බලමු මේ උඩ තියෙන කෝඩ් එක දිහා. මුලින්ම මම double ආකාරයේ ඩේටා ටයිප් එක දාලා a කියලා වේරියබල් එකක් හදලා තියෙනවා.ඒකට අගයක් Initialize-ඉනිශියලයිස් කරලා තියෙනවා 9.0 කියලා.දශම සංඛ්‍යා එක්ක තමා දීලා තියෙන්නේ මොකද double ආකාරයේ ඩේටා ටයිප් එකක් හන්දා.දශම සංඛ්‍යා නැතුව උනත් වැඩ අවුලක් නෑ.එතකොට මේ තියෙන්නේ Constants Initialization එකක්.මොකද කෙලින්ම අගය a කියන වේරියබල් එකට දීලා තියෙන හන්දා.

ඊළඟට මම ආයෙම double ආකාරයේ ඩේටා ටයිප් එක දාලා c කියලා වේරියබල් එකක් හදලා තියෙනවා. ඒකට අගයක් Initialize-ඉනිශියලයිස් කරලා නෑ කෙලින්ම.එතැනදී මං යොදාගෙන තියෙනවා sqrt( )  කියන method-මෙතඩ් එක ජාවා වල Math කියන class-ක්ලාස් එකේ තියෙන.මේ මෙතඩ් එක හරහා අපි අගයක් දුන්නම මේ මෙතඩ් එක විසින් අපිට අපි ලබාදුන් අගයේ වර්ගමුලය හොයලා දෙනවා.මේ මෙතඩ් එක දන්නවා වර්ගමුලය හොයන්න කරන්න ඕනේ ගණනය කිරීම්.ඒවා අපි ලියන්න ඕනේ නෑ.ඒවා ජාවා වල ලියලා මෙතඩ් එකක් හදලා තියෙනවා අපි කියනවා එයාට අගයක් දීල මේ අගයේ වර්ගමුලය හොයලා දෙන්න කියලා.හරියට මෙන්න මේ වගේ.අපේ කාර් එකට රෙපෙයාර් එකක් හරි මොකක් හරි වැඩක් හරි කරගන්න ඕනේ උනාම අපි දන්නා ගැරේජ් එකකට ගිහින් මිකැනික් කෙනෙක්ට කියලා වැඩේ කරගන්නවා වගේ තමා.මොකද අපි වැඩේ කරන්න ගියොත් අපි ලේසිම ක්‍රමෙ දන්නේ නැතුව අමාරුවේ වැටෙන්න පුළුවන්.අනික අපිට පුහුණුවක් නැති හන්දා වැඩේ කරගන්න ගොඩක් වෙලා යනවා.ගැරේජ් එකට ගිහින් වැඩේ කරගන්නවා කියන්නේ පට්ට ලේසිනේ.ඒ වගේ තමා.නොදන්නා ගණිත ක්‍රම කරනවට වඩා ලේසියෙන් මෙයා කරලා දෙනවා.ඔය වගේ ලේසියෙන් ගණිත වැඩ කරගන්න අපිට ගොඩක් මෙතඩ්ස් තියෙනවා.ඒවා පිළිවෙලට පෙලගස්වලා තියෙනවා Math කියන class-ක්ලාස් එකේ.එතකොට අපි ඒ මෙතඩ් එක තියෙන class එකට කතා කරලා අපිට ඕනේ මෙතඩ් එකටත් කතා කරන්න ඕනේ.අපි මේකට කියනවා Methods Invoking හෝ Method Calling කියලා.ඒ ගැන වැඩි දුර පස්සේ ඉගෙන ගමු.

දැන් මෙතන c කියන වේරියබල් එකට අර Math කියන class-ක්ලාස් එකේ තියෙන sqrt( )  කියන method-මෙතඩ් එකට දීල තියෙන අගයේ වර්ගමුලය ලැබෙනවා.අපි මෙතන දීලා තියෙන්නේ කෙලින්ම අගය නෙවේ.අපි මුලින්ම හදාගත්ත a වේරියබල් එකේ අගය.

දැන් අපි වේරියබල් c දිහා බැලුවට  අපිට වේරියබල් c වල අගය කියන්න බෑ අපි අවුට්පුට් එක ප්‍රින්ට් කරගන්න තුරු.අපි sqrt( )  කියන method-මෙතඩ් එකේ වරහන් අතරට a වේරියබල් එක දැම්මම c වලට අදාළ අගයේ වර්ගමුලය ලැබෙනවා.ඔන්න අපි ඊළඟට System.out.println මෙතඩ් එක යටතේ අපිට ලැබුණු c වල අගය ප්‍රින්ට් කරගන්නවා.බලමු දැන් අපේ අවුට්පුට් එක.
මෙන්න තියෙනවා අපේ අවුට්පුට් එක.විහිලුවට වගේ c වේරියබල් එකට double ඩේටා ටයිප් එක වෙනුවට int ඩේටා ටයිප් එක දාලා එහෙම බලන්න මොකද වෙන්නේ කියලා.Error එකක් ආවොත් ඇයි කියලා හොයාගන්න උත්සහා කරලා බලන්න.ඊළඟ ලිපිය අපිට ගොඩක් වටිනා ලිපියක්.මොකද අපි ඒකෙන් කතා කරනවා වේරියබල් එකක scope(සීමාව) සහ life time(ආයුකාලය).ඊළඟ ලිපියෙන් හම්බෙමු.

1 comment:

  1. Godak watina blog ekak. Okkoma lipi kiyewwa. Ithiri ewa kawadada danne?

    ReplyDelete