ඔන්න අද පටන් ගන්නවා අලුත් පාඩමක්.ඒ තමා අපේ මුල්ම හඳුන්වාදීමට අනුව Variables.අපි ටික ටික මොනවද මේ වේරියබල්ස් කියන්නේ කියලා දන්නවා.ඒ උනාට ඒ ටික මදි.වේරියබල්ස් ගැන ටිකක් ගැඹුරින් බලන්න දැන් ඉඳං අපි පටන් ගමු.වේරියබල්ස් කියන්නේ ජාවා වල මුලිකම ඩේටා තැන්පත් කරනා ආකාරය කිව්වොත් හරි.එතකොට මේ වේරියබල් එකක් හැදිලා තියෙන්නේ කොහොමද?වේරියබල් එකක් හැදෙන්න නම් identifier(දන්නේ නැත්නම් යන්න මෙතනට ),type(දන්නේ නැත්නම් යන්න මෙතනට),optional initializer (අපි වේරියබල් එකට දෙන අගය.මේක අනිවාර්යම නෑ) මෙන්න මේ ටික එකතු වෙන්න ඕනේ.ඊළඟට වේරියබල් එකකට තියෙනවා scope(සීමාවක්),මේ සීමාවෙන් තමා තීරණය වෙන්නේ මේ වේරියබල් එක කාට කාටද පේන්නේ කියලා.ඒ වගේම වේරියබල් එකේ ආයු කාලය.අන්තිමට කියපු ටික අපි පස්සේ බලමු.
දැන් යමු අපි වේරියබල් එකක් ඩික්ලෙයාර් කරන්න.
ජාවා වල වේරියබල් එකක් පාවිච්චි කරන්න කලින් ඒවා හදලා ඉන්නෝන.හරියට ළමයෙක් ඉස්කෝලේ යවන්න කලින් එයා ඉපදෙන්න ඕනේ වගේ.කොහොමද මේ වේරියබල් එකක් උපද්දවන්නේ?වේරියබල් එකක් හදන මුලිකම ක්‍රම මෙන්න මෙහෙමයි.
type identifier ;
type identifier = value ;
type identifier = value, identifier = value ;
දැන් මේ type කියන එක ජාවා වල ඩේටා ටයිප් එකක් වෙන්න පුළුවන්.එහෙමත් නැත්නම් class-ක්ලාස් එකක හෝ interface-ඉන්ටෆේස් එකක නමක් වෙන්න පුළුවන්(ඒ දෙක පස්සේ බලමු).identifier කියන්නේ වේරියබල් එකට දෙන නම.ඒවාට නම් දෙද්දී නීති තියෙනවා.ඒවා ගැන දැනගන්න යන්න මෙතනට.හරියටම කිව්වොත් වේරියබල් එකක් initialize කරනවා කියන්නේ හදාගත්ත වේරියබල් එකට අගයක් දෙනවා.අගය දෙන්න නම් අගය සහ වේරියබල් නම අතරට සමාන කිරීමේ සලකුණ යොදන්න ඕනේ.මතක තියාගන්න අපි දෙන අගය අපි වේරියබල් එක හදනකොට දීපු ඩේටා ටයිප් එකට ගැලපෙන්න ඕනේ.මතක නැත්නම් අපි කලින් කරපු ඩේටා ටයිප් පාඩම් ටිකට යන්න ආයෙ මෙතනින්.
int value = 100f ; (මේක වැරදී.අපේ ඩේටා ටයිප් එක int.ඒ උනාට දීපු අගය float)
එකම ඩේටා ටයිප් එකට අදාලව වේරියබල් කීපයක් ඩික්ලෙයාර් කරගන්න ඕනේ නම් අපිට පුළුවන් කොමා සලකුණ ( , ) මගින් වෙන් කරලා ඩික්ලෙයාර් කරන්න.මෙන්න මෙහෙම.
int value, value1, value2 ;
ඒවගේම අගයන් දීලා initialize-ඉනිශියලයිස් කරගෙනම උනත් යන්න පුළුවන්.මෙන්න මෙහෙම.
int value = 100, value1 = 255, value2 = 300 ;
අපි බලමු වේරියබල් declare-ඩික්ලෙයාර් කරන උදාහරණ ටිකක්.සමහරක් ඒවා initialize-ඉනිශියලයිස් කරලත් තියෙනවා බලන්නකෝ.
int a , b , c ;
(අපි a b c කියලා වේරියබල් 03 ක් declare-ඩික්ලෙයාර් කරලා තියෙනවා.initialize-ඉනිශියලයිස් කරලා නෑ.)
int d = 500 , e , m = 55 ;
(අපි d කියලා int වේරියබල් එකක් declare-ඩික්ලෙයාර් කරලා තියෙනවා වගේම ඒකට අගයක් දීල තියෙනවා එහෙමත් නැත්නම් initialize-ඉනිශියලයිස් කරලා තියෙනවා 500.ඊළඟට e කියලා වේරියබල් එකක් declare-ඩික්ලෙයාර් කරලා තියෙනවා ඒ උනාට ඒක initialize-ඉනිශියලයිස් කරලා නෑ.අන්තිමටම අපි m කියලා වේරියබල් එකක් declare-ඩික්ලෙයාර් කරලා තියෙනවා වගේම ඒකට දීල තියෙනවා අගයක් එහෙමත් නැත්නම් initialize-ඉනිශියලයිස් කරලා තියෙනවා 55.දැන් මෙතන වේරියබල් 03 ක් තිබුනට අපි දීල තියෙන්නේ එක ඩේටා ටයිප් එකක් විතරයි.කොමා දාලා තියෙන හන්දා මේ වේරියබල් 03 ම int වලට තමා වැටෙන්නේ.)
byte z = 22 ;
(අපි z කියලා byte වේරියබල් එකක් declare-ඩික්ලෙයාර් කරලා තියෙනවා වගේම ඒකට දීල තියෙනවා එහෙමත් නැත්නම් initialize-ඉනිශියලයිස් කරලා තියෙනවා 22)
double pi = 3.14159 ;
(අපි pi කියලා double වේරියබල් එකක් declare-ඩික්ලෙයාර් කරලා තියෙනවා වගේම ඒකට දීල තියෙනවා එහෙමත් නැත්නම් initialize-ඉනිශියලයිස් කරලා තියෙනවා 3.14159)
float f = 100f, g = 125 ;
(මෙතන පොඩි අවුලක් තියෙනවා.බලමු මොකද්ද කියලා.අපි f කියලා float වේරියබල් එකක් declare-ඩික්ලෙයාර් කරලා තියෙනවා වගේම ඒකට දීල තියෙනවා එහෙමත් නැත්නම් initialize-ඉනිශියලයිස් කරලා තියෙනවා 100f. ඒවගේම අපි g කියලා float වේරියබල් එකක් declare-ඩික්ලෙයාර් කරලා තියෙනවා වගේම ඒකට දීල තියෙනවා එහෙමත් නැත්නම් initialize-ඉනිශියලයිස් කරලා තියෙනවා 125.දැන් අපිට float ඩේටා ටයිප් එකේ නීතියක් තියෙනවා අගයේ අවසානයට f අකුර දාන්න ඕනේ කියලා.ඒ උනාට අපි මේ 125 ට f දාලා නැති හන්දා එතන අවුලක් එනවා.float ගැන මතක නැත්නම් යන්න මෙතනට).එහෙනම් අදට මෙච්චරයි.ඊළඟ ලිපියෙන් අපි Dynamic Initialization ගැන බලමු.

No comments:
Post a Comment